නුඹ

නුඹ
මගේ ලෝකයට ආ දිනේ සිට;
දුටු සිහින සැබෑ යැයි
සිතට දැනුනු මුත් 
සිත විඳි වේදනා දන්නේ සිතම මිස
නුඹ දනී නම් බිඳක් මා ගැන
දුක් වෙය්  නුඹද මා නුඹ ගැන සිතන සැටි දැක
වරද මගේ අත කියන සැමවිට
පිලිගතිමි ආදරය වරදකි කියමින
නමුදු නුඹ නැති මතු යම් දිනක 
විදින වේදනා මතකයට නැගෙන විට
හදට දැනෙන දුක කෙසේ කියම්ද
වැටහෙය් නුඹටත්  එදින මා ගැන