Friday, June 15, 2012

ඔබ යලි එන්නේ නෑ

මතකයන්  අමතක කෙරුවත් අමතක  වෙන්නේ නෑ
ඔබ  එපා  යැයි මට  සිතුනත්  එපා  වෙන්නේ  නෑ
යලි  එවි  යි  සිත  කීවත්  ඔබ  යලි  එන්නේ  නෑ
සිත  පුරා ආදරේ  කරන්නට  මට  දැන්  කවුරුත්  නෑ

අඬ  අඬා  මම  කල්  ගෙවුවත්  ඔබ  ලැබෙන්නේ  නෑ
නොලැබෙන  බව  මම  කිව්වත්  සිත  පිළිගන්නෙත්  නෑ
මම  නොමැති  ලොව  කවදාවත්  ඔබ  තනි  වෙන්නේ  නෑ
ඔබ  නොමැති  ලොව  කවදාවත්  මට  සිතේ  සතුටක්  නෑ

සිහිවෙන  හැම  මොහොතකදී   නොසිතා  ඉන්නත්  බෑ
හුන්දකලාවේ  ඉන්නට  සිතුනත්  එහෙම  ඉන්නත්  බෑ
සිත  සිතා  ඔබ  ගැන  හැමදාමත්  මට  අඬන්නත්  බෑ
ඔබ  නැති  පාළුව  මට  දැනුනට්  වෙනස්  වෙන්නත්  බෑ