මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ
යලි එවි යි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ
සිත පුරා ආදරේ කරන්නට මට දැන් කවුරුත් නෑ
නොලැබෙන බව මම කිව්වත් සිත පිළිගන්නෙත් නෑ
මම නොමැති ලොව කවදාවත් ඔබ තනි වෙන්නේ නෑ
ඔබ නොමැති ලොව කවදාවත් මට සිතේ සතුටක් නෑ
සිහිවෙන හැම මොහොතකදී නොසිතා ඉන්නත් බෑ
හුන්දකලාවේ ඉන්නට සිතුනත් එහෙම ඉන්නත් බෑ
සිත සිතා ඔබ ගැන හැමදාමත් මට අඬන්නත් බෑ
ඔබ නැති පාළුව මට දැනුනට් වෙනස් වෙන්නත් බෑ